Home / ඔබ දන්නවාද? / Devil comet මගින් පෘථිවියට ජලය ගෙන ආ බව ඔබ දැන සිටියාද?💫

Devil comet මගින් පෘථිවියට ජලය ගෙන ආ බව ඔබ දැන සිටියාද?💫

අපේ පෘථිවියේ ජලය කොහෙන් ආවද කියලා විද්‍යාඥයන් තවම සොයමින් සිටින බව ඔබ දැන සිටියාද? වසර බිලියන ගණනකට පෙර, පෘථිවිය තරමක් උණුසුම් ග්‍රහලෝකයක් විදිහට තිබුණා. ඒ කාලයේදී මුල් ජලය වාෂ්ප වී අහසට ගොස් අතුරුදන් විය හැකි බවට සැකයක් තිබුණා. නමුත් අද විද්‍යාඥයන් සොයාගෙන ඇති අලුත්ම තොරතුරු පෙන්වන්න්වෙ අපේ ජලය “අහසින්” ආව හැකි බවයි.😲

☄ එම තොරතුරු සපයන්නේ Devil Comet (12P/Pons-Brooks). මේ විශාල ධූමකේතුව, අමුතු horn එකක් වගේ coma එකක් නිසා “Devil Comet” කියලා හැඳින්වෙනවා. අලුත්ම පර්යේෂණ අනුව, මේ ධූමකේතුවේ ජල වාෂ්ප, අපේ මුහුදු ජලයට සමාන බව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. මෙය, වසර බිලියන ගණනකට පෙර ධූමකේතු සහ උල්කාපාත පෘථිවියේ ගැටී, ඒ ජලය අප වෙත ගෙන ආ බව තහවුරු කරන තවත් සාක්ෂියක්.💡

💧 පෘථිවියේ ගැටුණු ධූමකේතු, අයිස් සහ වායු එක්කරමින්, මුහුදු, ගංගා ඇල දොල, ජලාශ වශයෙන් ජලය පවත්වා ගෙන ආවා. අද අපි බොන ජලය, ගඟේ ගලා යන ජලය, මුහුදේ තිබෙන ජලය — මේ සියල්ල අභ්‍යවකාශයේ තෑග්ගක් වගේ.😌

🔬 Devil Comet පිළිබඳ නව සොයාගැනීම් පෙන්වන්නේ, අපේ ජලය සහ ජීවිතය සඳහා අවශ්‍ය දේවල් අහසින් ආව හැකි බවයි. සමහර විද්‍යාඥයන්ගේ මතය අනුව, ජලය පෘථිවියේම සෑදී තිබුනත්, මේ සොයාගැනීම් අපේ අවබෝධය තව දුරටත් පුළුල් කරයි. අපේ ජීවිතය සහ ජලය අභ්‍යවකාශයේ අමුතු මාර්ගයකින් ලැබි ඇති බව සිතීමම විශ්මයජනකයි.✨

ඉතින්, Devil Comet අපට කියන්නේ : ජලය, ජීවිතය ආරක්ෂා කරන අහසින් ආ තෑග්ගක් විය හැකි බවයි.!!